උතුරු දුම්රිය මග ජලයෙන් යටවෙයි

උතුරු දුම්රිය මග ජලයෙන් යටවෙයි

December 20, 2014   08:47 am

උතුරු දුම්රිය මාර්ගයේ තලාව හා තඹුත්තේගම අතර දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ තලාව සහ තඹුත්තේගම අතර දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම මීට හේතුවි ඇති බවයි.

වව්නියාවේ සිට කොළඹ කොටුව දක්වා පැමීණිමට නියමිතව තිබු නගරාන්තර දුම්රිය මේ වන විට සාවස්ත්‍රිපුරය දක්වා සීමා කර ඇති බව සඳහන්ය.

කොටුව දුම්රිය ස්ථානයෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමන්ගන්නා දුම්රිය මහව දක්වා සීමා කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.

කෙසේ වෙතත් නියමිත කාල සටහනට අනුව දුම්රිය ධාවනය කෙරෙන අතර ජල මට්ටම අනුව තලාව , තඹුත්තේගම හරහා දුම්රිය ධාවනය කිරිම තීරණය කෙරෙන බව එම පාලක මැදිරිය පැවසුවේ.

මහනුවර සිට යාපනය බලා ධාවනය වන දුම්රිය ගල්ගමුව දක්වා සීමා කර ඇති බව වාර්තා වෙයි.

ජල මට්ටම පහත ගිය පසු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා.