පුත්තලමේ තැපැල් ඡන්ද අයදුම්පත් 3142ක් ප්රතික්ෂේපයි
December 19, 2014 09:21 am
පුත්තලම දිස්ත්රීක්කයෙන් ජනාධිපතිවරණයේදී භාවිතා කිරීම සඳහා ඉල්ලුම් කර ඇති තැපැල් ඡන්ද අයදුම් පත් 3142 ක් ප්රතික්ෂේප වී ඇති බව පුත්තලම දිසා ලේකම් හා තේරීම් බාර නිලධාරී කිංස්ලි ප්රනාන්දු මහතා පවසයි.
පුත්තලම දිස්ත්රීක්කයේ රජයේ සේවකයින් 13117 ක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා ඉල්ලුම් කර ඇත.
එයින් අයදුම්පත් 3142 ක් ප්රතික්ෂේප වී ඇති අතර පිළිගෙන ඇත්තේ අයදුම්පත් 9975 ක් පමණි.
තැපැල් ඡන්ද අයදුම් කිරීමේදී ඇතැම් අයදුම්කරුවන් ඡන්ද හිමි නාම ලේඛණයේ තම අනුක්රමික අංකය ලෙස 2013 ඡන්ද හිමි නාම ලේඛණයේ අංකය සටහන් කිරීම මෙම තත්ත්වයට හේතුව බවද පැවසෙයි.
2015 ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට හැකියාව ඇත්තේ 2014 ඡන්ද හිමි නාම ලේඛණයේ ලියා පදිංචි ඡන්ද දායකයින්ටය.