මෛත්‍රී පාලනය යටතේ පෙට්‍රල් හා ඩීසල් බදු අහෝසි කරනවා

මෛත්‍රී පාලනය යටතේ පෙට්‍රල් හා ඩීසල් බදු අහෝසි කරනවා

December 18, 2014   09:56 pm

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධුරය යටතේ ජනවාරි 8 වෙනදායින් පසු පෙට්‍රල් හා ඩීසල් බදු අහෝසි කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

සංවේදී යැයි කියා ගන්නා වත්මන් නායකයා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52/- ක බදු මුදලක්, ඩීසල් ලීටරයකින් රුපියල් 17ක් බදු වශයෙන් අය කරන බව හෙතෙම කියයි.

ලබන ජනවාදරි 8 වනදා පිහිටු වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ ආර්ථීක ප්‍රතිපත්තිය අනුව පෙට්‍රල් හා ඩීසල් බදු ඉවත් කරන බව මන්ත්‍රීවරයා පවසයි.

එමගින් රටේ ජනතාවට සහන රැසක් හිමිවන බව චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව වර්තමානයේ පාලනය කරන්නේ පංච පාප බලවේග බවත්, ඒවා පරාජය කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් රණවක මහතා පෙන්වා දෙයි.

කැසිනෝ, ඉන් එක් පාප බලවේගයක් බවත්, කොළඹින් කැසිනෝ ඉවත් කිරීමට පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදුන් බවත් හෙතෙම කියයි.

කැසිනෝ හේතුවෙන් ඇතිවන ගැටළු රැසක් විසඳීමට එමගින් හැකිවීම ඊට හේතුව බවද එහෙත් වත්මන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවද රණවක මහතා අවධාරණය කරයි.

ඉන් සනාථ වන්නේ රාජපක‍ෂ පාලනයට පාර්ලිමේන්තුවට වඩා කැසිනෝ ව්‍යාපාරිකයන් වැදගත් බව යැයිද, රටට අහිත කර ගණිකා වෘත්තීය, මත්ද්‍රව්‍ය ආදිය ව්‍යාප්තියට කැසිනෝ ජාවාරම හේතුවක් බවද, ඔහු පෙන්වාදෙයි.

ඒ නිසා කැසිනෝ බලවේගය පරාජය කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කළ යුතු යැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මහානායක ස්වාමීන් වහන්සේ හතර නම කැසිනෝ ව්‍යාපාරයට විරුද්ධ වූ බවත්, වත්මන් ජනාධිපතිවරයාට මහානායක ස්වාමින් වහන්සේගේ උපදෙස් වලට වඩා කැසිනෝ කරුවන් ප්‍රමුඛවී ඇති බවත්, හෙතෙම කියයි.

එවැනි තත්ත්වයකදී වත්මන් පාලකයා පරාජය කිරීම ජාතික වගකීමක් බවද කුඩු මාෆියාවද රට ගිල ගෙන ඇති බව ඔහු පෙන්වාදෙයි.

මැතිවරණ සඳහා කටවුට් පෝස්ටර් මනාප එකතු කිරීමට කුඩු අළෙවියෙන් ලැබෙන මුදල් විවිධ ක්‍රමවේද ඔස්සේ යොදා ගන්නා බවත්, එය පාලනය කිරීමට වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නොමැති බවත්, ළමුන් සහ තරුණ පරපුර කුඩුවලින් ගලවා ගැනීම සඳහා, තරුණ පරපුර ආරක‍ෂ කිරීම සඳහා කුඩු ව්‍යසනයෙන් රට මුදා ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක‍ෂ රජයෙන් පිටතට පැමිණි බවත්, චම්පික රණවක මහතා අවධාරණය කරයි.

එතනෝල් මාෆියාව රට ගිල ගත් පංච පාපී බලවේගයන්ගෙන් තවත් එකක් බවද, මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීමට එතනෝල් කල්ලි ක්‍රියා කරන බවද, ඒ නිසා යළිත් වත්මන් ජනාධිපතිවරයා ජය ගතහොත් එතනෝල් කල්ලි රට ගිලගන්නා බවද, මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ආසනික් සහ සිගරට් බලවේගද පරාජය කළ යුතු යැයිද, ඒ සඳහා ජනවාරි 8 වනදා පැවැත්වෙන ජනාධිපතිවරයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කළ යුතු බවද, පාඨලි මච්පික රණවක මහතා කියයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය එළවඵ වලින් සියයට හතළිහක් විදේශවලින් ආනයනය කරන බවත්, රටේ නිවාස ප්‍රශ්නයක් උද්ගතව ඇති බවත්, බලශක්ති වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක නොවීමේ ගැටළු බවත්, මාස දෙකක වැසි නොමැති කාලයක් උදාවුහහොත් රට නියගින් පීඩාවට පත්වෙන බවත්, ඔහු පෙන්වාදෙයි.

පැය දෙකක වර්ෂාවක් ගං වතුර ඇති කිරීමට ප්‍රබල සාධකයක් බවද, එවැනි තත්ත්වයක් යටතේ රට සංවර්ධනය වී තිබේ දැයි පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, අවිස්සාවේල්ල ජන රැළියේදී පාඨලි චම්පික රණවක මහතා ජනතාවගෙන් ප්‍රශ්න කරන ලදී.