රාජ්‍ය සේවය ලක්ෂ 3 සිට 15 දක්වා වැඩි කළේ වත්මන් රජයයි

රාජ්‍ය සේවය ලක්ෂ 3 සිට 15 දක්වා වැඩි කළේ වත්මන් රජයයි

December 18, 2014   04:58 pm

රාජ්‍ය සේවයේ ගෞරවය ඇති කර බියෙන් හා සැකයෙන් තොරව සේවය ඉටු කිරීමට හැකියාව ලබාදුන්නේ වත්මන් රජය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජ්‍ය සේවය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරමින් ස්වර්ණමය යුගය උදාකිරීමට වත්මන් රජය පියවර ගත් බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය රාජ්‍ය සේවය ලක්ෂ තුනකට අඩු කිරීමට සැලසුම් කළ ද වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු එය ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ජනාධිපතිවරයා පවසයි.

මුලතිව් විනයාගමූර්ති ක්‍රීඩාංගණයේ අද (18) පැවති එක්සක් ජනතා නිදහස් සන්ධාන ජන රැළියට සහභාගිවෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.