විමල්ගේ තවත් ගෝලයෙක් මෛත්‍රීට!

විමල්ගේ තවත් ගෝලයෙක් මෛත්‍රීට!

December 18, 2014   04:35 pm

ජාතික නිදහස් පෙරමුණේ අක්මීමන ආසනයේ ප‍්‍රධාන සංවිධායක නිතීඥ මහේෂ් මඩවල මහතා විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්ව තිබේ.

අද (18) හබරාදුව උණවටුණේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ තමා ජාතික නිදහස් පෙරමුණේ මතවාදය සමග තමා සිටියද, පක්ෂය එකාධිපති නායකයකුට කඩේයාම නිසා පක්ෂයෙන් ඉවත්ව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බවයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ රත්ගම සංවිධායක අසේල කෝසල රංගනාත් කොස්ගොඩ ඊයේ පැවැති රැස්වීමකදී මෛත්‍රී පිලට එක්වූ බවද වාර්තා පළ විය.