සෙවනගල වැවෙන් අවසන් ගමන්යයි

සෙවනගල වැවෙන් අවසන් ගමන්යයි

December 18, 2014   09:08 am

සෙවනගල, ගල්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිළී අතුරුන්ව තිබේ.

පවුලේ ඥාතීන් සමග දියනෑමට ගිය පුද්ගලයෙකු මෙලෙස දියේ ගිළී අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ සෙවනගල, කිරිවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකි.

සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීන්, නාවික හමුදාව එක්ව අතුරුදන්වු පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.