දෙකඩවූ මු.කො ස්ථාවරය අනිද්දාට පෙර එයි
December 18, 2014 06:51 am
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය අනිද්දා දිනයට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැස්වී අදාළ තීන්දුව ගෙන ඇති බවයි.
ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වනවිට දෙකඩවී ඇති බව වාර්තා වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්විය යුතු බවට එක් පාර්ශවයක් ප්‍රකාශ කරන අතර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්විය යුතු බවට අනෙක් පාර්ශවයේ මතය වී තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී හෙට හෝ අනිද්දා දිනයේ සිය අවසන් ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.