හෙළ උරුමයේ පුංචි ආණ්ඩු නියෝජිතයින් 17 ක් ජනපතිට අතදෙයි

හෙළ උරුමයේ පුංචි ආණ්ඩු නියෝජිතයින් 17 ක් ජනපතිට අතදෙයි

December 17, 2014   03:48 pm

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වුණු පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් 29 දෙනෙකුගෙන් 17 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයදීමට තීරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙම මන්ත්‍රීවරුන් 17 දෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස කටයුතු කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (17) කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කළ අපේක්ෂකයින් 29 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහජන නියෝජිතයින් ලෙස තේරී පත්විය.

මෙයින් ජනාධිපතිවරයාට සහය පළකරනු ලබන 17 දෙනා අතර භික්ෂුන් වහන්සේලා 8 දෙනෙකු සිටින බවද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.