පකිස්ථානයට තෙදිනක ශෝක කාලයක්
සයුරෙන් එතෙර

පකිස්ථානයට තෙදිනක ශෝක කාලයක්

December 17, 2014   11:17 am

පකිස්ථානයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇත.

ඊයෙ දිනයේ එරට පෙෂාවර් නගරයේ පාසලක් ඉලක්ක කරගනිමින් එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මෙලෙස ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

තලෙයිබාන් සටන්කාමීන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එම පාසලේ සිසුන් 132 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 141 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.

තවත් පුද්ගලයින් 125 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්ය.

ආරක්ෂක නිලධාරීන් ලෙස වෙස්වලාගත් තලෙයිබාන් සටන්කාමීන් 07 දෙනෙකු අදාළ පාසලට ඇතුළු වී ප්‍රහාරය එල්ල කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් විසින් සියලු පාර්ලිමේන්තු පක්ෂ වලට හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් රැසක් ශෝකය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.