ජය ශ්‍රී ලංකාවටයි!

ජය ශ්‍රී ලංකාවටයි!

December 16, 2014   10:25 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති අවසාන එක්දින ක්‍රිකට් තරඟය වැඩි ලකුණු 87න් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව මෙම තරඟාවලියද 5-2ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහරදී ලකුණු 302ක් රැස් කර ගන්නා ලදී.

ඒ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු හයක් දැවීගොස් තිබියදීය.

මෙහිදි අගනා පිතිහරඹයක නිරත වු තිලකරත්න ඩිල්ෂාන් ශතකයක් වාර්තා කරමින් ලකුණු 101 ක් ලබා ගත් අතර තිසර පෙරේරා ලකුණු 54ක්ද,දිනේෂ් චන්දිමාල් ලකුණු 55ක් ද ලබාගැනීම මෙහිලා කැපී පෙනුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පිති හරඹයට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 45 යි පන්දු 5 ක් තුළ ලබාගැනීමට සමත්වූයේ ලකුණු 215 ක් පමණි.

ඒ අනුව වැඩි ලකුණු 87 න් ශ්‍රී ලංකාව මෙම තරඟය ජයග්‍රහණය කරනු ලැබූ අතර පන්දු යැවීමේදී ටී.එම් ඩිල්ෂාන් ලකුණු37 ට කඩුළු 3ක්ද,ප්‍රසන්න ලකුණු 35 ට කඩුළු 3ක්ද දවාගැනීමට සමත්වූහ.