ශ්‍රී ලංකාව පහරදීම තෝරාගනියි

ශ්‍රී ලංකාව පහරදීම තෝරාගනියි

December 16, 2014   02:30 pm

ශ්‍රී ලංකාව හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් තරඟය අද (16) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම තෝරාගෙන ඇත.

තරඟාවලිය දැනටමත් 4ට 2ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.

මේ අතර මෙම තරඟය මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේදී එක්දින ජාත්‍යන්තර තරඟවලට සහභාගි වන අවසන් තරඟය ලෙසද පැවසෙයි.

ඊට හේතුව එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසු ඔවුන් දෙදෙනා එක්දින තරඟවලින් සමුගන්නා බවට මත පළ වන නිසාය.