බුදුරුව නවසීලන්ත මත්පැන්හලට ගෙනා 3ක් මාට්ටු
සයුරෙන් එතෙර

බුදුරුව නවසීලන්ත මත්පැන්හලට ගෙනා 3ක් මාට්ටු

December 12, 2014   09:11 am

බුදුන්වහන්සේගේ රූපය මත්පැන් හලක ප්‍රචාරණයට භාවිත කිරීමේ චෝදනා මත නවසීලන්ත ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මියන්මාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මියන්මාරයේ ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝග මත එම මත්පැන් හල වසා දමා ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන්ට වසර 02ක සිර දඩුවමක් හිමි වනු ඇති බව වාර්තා වේ.

අදාළ ප්‍රචාරණයේ දී තද වර්ණයෙන්, අඩවන් දෙනෙතින් යුතුව සහ ශ්‍රවණ උපකරණයක් පැළඳ සිටින අයුරින් බුදුන්වහන්සේගේ රුව වෙනස් කොට අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කර තිබුණි.