රූට් එංගලන්තයට ජයගෙනයි

රූට් එංගලන්තයට ජයගෙනයි

December 11, 2014   05:49 pm

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ පස්වැනි තරඟය කඩුලු 5කින් ජය ගනිමින් සිය දෙවන ජයග්‍රහණයත් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කුමාර් සංගක්කාර ලබාගත් ලකුණු 91ද ඇතුළුව පන්දුවාර 49දී සියලුදෙනා දැවී ලකුණු 239ක් ලබාගත්තේය.

වර්ෂාව හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසා ඔවුන් අද පිළිතුරු ඉනිම මෙසේ ජයග්‍රාහී ඉනිමක් බවට පත් කර ගත්තේය.

එහිදී එංගලන්ත කණ්ඩායමේ ජෝයි රූට් ‍නොදැවී ලකුණු 104ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයේ නැංගූරම බවට පත්විය.

ඒ අනූව ඔවුන් පන්දුවාර 49.1දී ජය වාර්තා කළ අතර ඒ අනූව තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලිය 3ට 2ක් බවට පත් කර ගැනීමට එංගලන්තය සමත් ව සිටියි.