වසරේ  පුද්ගලයා ඉබෝලා සටන්කරුවන්
සයුරෙන් එතෙර

වසරේ පුද්ගලයා ඉබෝලා සටන්කරුවන්

December 11, 2014   08:55 am

ටයිම්ස් සඟරාව වසරේ පුද්ගලයා ලෙස ඉබෝලා රෝග මර්දනය කරන සෞඛ්‍ය සේවකයින් නම් කර තිබේ.

සෑම වර්ෂයකම ටයිම්ස් සඟරාව විසින් වසරේ පුද්ගලයා නම් කිරීම සිදුකරන අතර මේ වසරේ එය නම් කිරීම ඊයේ දිනයේ සිදුකරනු ලැබුවේය.

ටයිම්ස් සඟරාව විසින් වසර තුළ වැඩිබලපෑමක් සිදුකරන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම් වසරේ පුද්ගලයා ලෙස නම් කිරීම සිදුවේ.

ඒ අනුව ඉබෝලා රෝග මර්දන කටයුතු සිදුකරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ටයිම්ස් වසරේ පුද්ගලයා ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

වසරේ පුද්ගලයා තේරීමේ අවසන් කිහිපදෙනා අතරට ෆර්ගියුසන් උද්ඝෝෂකයින්, රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් ඇතුළු පිරිසක් ඇතුළත්ව සිටියහ.