ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

December 7, 2014   06:45 pm

එංගලන්තය සමග පැවැති සිව්වැනි එක්දින තරඟය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50දී සියලුදෙනා දැවී ලකුණු 265ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2කදී කඩුලු 4ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ජේම්ස් ටේලර් ලකුණු 90ක්, නායක ඉයන් මෝගන් ලකුණු 62ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර ලකුණු 86ක්, නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51ක් නොදැවී ලබා ගන්නා ලදී.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ ජයග්‍රහණයත් සමග තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලිය 3ට 1ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.