අයි.සී.සීය ජනවාරී 7ට කලින් ඉල්ලයි

අයි.සී.සීය ජනවාරී 7ට කලින් ඉල්ලයි

December 5, 2014   11:54 am

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන අයි.සී.සී තරඟ තීරක සහ විනිසුරුමඩුල්ල සඳහා ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු ද නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල සහ රොෂාන් මහානාම පස් දෙනෙකුගෙන් සමන්විත තීරක මඩුල්ලේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.

විනිසුරු මඩුල්ල සඳහා කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරු නම් කර තිබේ.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කිරීම මේ සති අන්තයේ සිදු කිරීමට නියමිතය.

ජනවාරි 07 වනදාට පෙර සියලු කණ්ඩායම් සිය සංචිත නම් කළ යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.

මේ අතර 30 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ක්‍රිකට් සංචිතය ඊයේ නම් කර ඇති අතර ප්‍රබල ක්‍රීඩකයින් 05 දෙනෙකු එම සංචිතයින් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, සහීර් ඛාන්, ගෞතම් ගාම්භීර් සහ හර්බජාං සිං ඉවත් කළ ක්‍රීඩකයින් වේ.

නව සංචිතයට ඇතුළත්ව ඇත්තේ 2011ලෝක කුසලාන තරගාවලියට එක් වූ දෝනි, කෝලි, රයිනා සහ අෂ්වින් යන ක්‍රිඩකයින් සිව්දෙනා පමණි.