මගේ නම මට විතරමයි - වෙන කාටවත් බෑ
සයුරෙන් එතෙර

මගේ නම මට විතරමයි - වෙන කාටවත් බෑ

December 4, 2014   09:15 am

උතුරු කොරියානු නායක කිම් ජොං අං ගේ නම එරට වෙනත් කිසිදු පුරවැසියෙකුට භාවිත කිරීම තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම නම භාවිතා කරන පුද්ගලයින් සිටීනම් එය වෙනස් කර ගන්නා ලෙස බලධාරීන් මහජනතාවට නියෝග කර ඇති බවයි.

2011 වසරේ දී කිම් ජොං අං ගේ පියා වන කිම් ජොං ඉල් විසින් අදාළ නියෝගය නිකුත් කර තිබුණි.

එය වත්මන් පාලකයා ද ක්‍රියාත්මක කර ඇති බව දකුණු කොරියානු වාර්තා පෙන්වාදෙයි.