මෙහෙමත් අනතුරක්..!

මෙහෙමත් අනතුරක්..!

March 27, 2017  

Bookmark and Share
මස්කෙළියේ සිට නෝටන්බි‍්‍රජ් දක්වා ධාවනය වු ටිපර් රථයක් මස්කෙළිය නෝටන්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගයේ ඇඩික් ප‍්‍රදේශයේදි අඩි හාරසීයක් පමණ ප‍්‍රපාතයට පෙරලිමෙන් ටිපර් රථය දෙකට කැඩි රියදුරා බරපතල ලෙස තුවාල ලබා ලක්‍ෂපාන ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව නෝටන්බි‍්‍රජ් පොලීසිය පවසයි. අද (27) මෙම අනතුර සිදුවී ඇති අතර එම ටිපර් රථය නොර්වුඩි මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයට අනියුක්තව ධාවනය කළ එකක් බව පොලිසිය පවසන්නේ. ටිපර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවී ඇති බව පොලීසිය පවසයි.

ඡායාරූප-රංජිත් රාජපක්ෂ