උදෑසනම යකඩ යකාට  බිලිවෙයි

උදෑසනම යකඩ යකාට බිලිවෙයි

November 29, 2014   08:42 am

රත්ගම, දොඩන්දුව අසළ ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් තිබේ.

ගාල්ල සිට අළුත්ගම දෙසට ධාවනයවු දුම්රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවල ලැබු කාන්තාව එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ දොඩන්දුව, දෙගල්ල ප්‍ර දේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.