තලාව සහ මිහින්තලේ විපක්ෂ නායකවරු ආණ්ඩුවට

තලාව සහ මිහින්තලේ විපක්ෂ නායකවරු ආණ්ඩුවට

November 29, 2014   08:32 am

තලාව සහ මිහින්තලේ ප්‍රාදේශීය සභා වල විපක්ෂ නායකවරුන් ආණ්ඩු පක්ෂයට එක්වී තිබේ.

ඊයේ(28) රාත්‍රී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ නිවසේ දී මොවුන් ආණ්ඩු පක්ෂයට එක්වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

තලාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සරත් දිසානායක මහතා සහ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ යන මහත්වරුන් මෙලෙස ආණ්ඩු පක්ෂයට එක්වී ඇති බව සඳහන්ය.

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට ආණ්ඩුපක්ෂයට එක්වන බව අදාළ මන්ත්‍රීවරුන් පවසා ඇත.