මීරියබැද්දේ බැට කෑ ජනතාව කුසගින්නේ උපවාසයක!

මීරියබැද්දේ බැට කෑ ජනතාව කුසගින්නේ උපවාසයක!

November 28, 2014   08:46 pm

මීරියබැද්ද ඛේදවාචකයෙන් අවතැන් ව මේවන විට පූනාගල, මහකන්ද තේ කර්මාන්ත ශාලාවේ නවාතැන්ගෙන සිටින පුද්ගලයින් පිරිසක් මේවන විට නිරාහාරව උපවාසයක් ආරම්භ කර තිබේ.

අවතැන් වූ 150ට අධික පිරිසක් එම කර්මාන්ත ශාලාවේ තාවකාලිකව රඳවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ලබාදීම සිදුකළේ යුද හමුදාව විසිනි.

කෙසේ වෙතත් යුද හමුදාව එම කටයුතුවලින් ඉවත් වන බව පවසා ඇති අතර අවතැන් ජනතාවට ඉවුම් පිහුම් කටයුතු කරගන්නා ලෙසට හමුදාව විසින් දන්වා ඇතැයි ද පැවසේ.

ඊට විරෝධය පළ කරමින් එම ජනතාව අද දහවල් සිට කුසගින්නේ උපවාසයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මීරියබැද්ද නායායම සිදුව හෙටට මාසයක් ගත වන අතරම එම ජනතාව හෙට විරෝධතාවයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.