මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්තවෙයි

මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්තවෙයි

November 28, 2014   07:17 pm

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ දිනමිණ පුවත්පතේ හිටපු කතෘ මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා නිවසේදීම අද සවස අවසන් සුසුම් හෙළා ඇත.

මියයන විට 75 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා දිනමිණ පුවත්පතේ උපදේශක කතෘවරයෙකු ලෙස ඒ වන විට කටයුතු කරමින් සිටියේය.

“විමසුම පිටපත“ ද ඔහු විසින් සටහන් තබන ලද්දකි.

මහින්ද අබේසුන්දර මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.