“නොහැකිය” වදන සිතින් ඉවත් කළ විට ජයග්‍රහණයට යන්න පුළුවන් - ජනපති

“නොහැකිය” වදන සිතින් ඉවත් කළ විට ජයග්‍රහණයට යන්න පුළුවන් - ජනපති

November 28, 2014   04:46 pm

වර්තමානයේ උදා වී ඇත්තේ තමාට පෙර රට ගැන සිතා කටයුතු කරන පුද්ගලයින් වැඩි වශයෙන් අවශ්‍ය යුගයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උපන් මාතෘ භූමියට ආදරය කරන පුද්ගලයින්ට කිසි දිනක අකටයුත්තක් සිදුනොවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේය.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ඉදිකෙරුණු ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙකු වු ආර්.අයි.ටී.අලස් මහතාගේ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජීවිතයේ සෑම දෙයක්ම ධනාත්මකව සිතීය යුතු බවයි.

“නොහැකිය“ යන වදන සිතින් ඉවත් කර ගත් විට ඕනෑම අයෙකුට පසුබෑමකින් තොරව ජයග්‍රහණය කරා යාමට හැකි වනු ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම අවස්ථාවට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් ද එක්ව සිටි අයුරුය මේ.

ඡායා රූ - නලීන් හේවාපතිරණ