පාවෙන වෙළඳ සංකීර්ණය අසළ මළ සිරුරක්

පාවෙන වෙළඳ සංකීර්ණය අසළ මළ සිරුරක්

November 28, 2014   04:07 pm

මරදාන, බැස්ටියන් මාවතේ පිහිටි පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල බේරේ ඇළේ තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

අද පෙරවරුවේ මෙම මළ සිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 50ත් 55ත් අතර වියේ පසු වන අයෙකි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.