ආලයඩිවෙම්බු ප්‍රා.සභා ටී.එන්.ඒ මන්ත්‍රීන් ජනපතිට සහයදෙයි

ආලයඩිවෙම්බු ප්‍රා.සභා ටී.එන්.ඒ මන්ත්‍රීන් ජනපතිට සහයදෙයි

November 28, 2014   04:04 pm

ආලයඩිවෙම්බු ප‍්‍රාදේශිය සභාවේ ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ති‍්‍ර බී ත්‍යාගරාජා සහ ස්විධීන මන්ත්‍රී ඊ.වඩිවෙල් අද ප‍්‍රාදේශීය සභාව පැවත්වෙන අවස්ථාවේ විපක්ෂයට එක්වී අය වැය පරාජය කර තිබේ.

ආලයඩිවෙම්බු ප‍්‍රාදේශිය සභාවේ මන්ති‍්‍රවරු සංඛ්‍යාව 09 දෙනෙකි.

ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ති‍්‍රවරු ගණන 05ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ති‍්‍රවරු ගණන 3ක් හා ස්වාධීන මන්ති‍්‍රවරයෙක් වශයෙන් එහි සංයුතිය පවති.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ති‍්‍ර බී. ත්‍යාගරාජා සහ ස්වාධීන මන්ත්‍රී ඊ.වඩිවෙල් විපක්ෂයට පැමිණීමත් සමගම විපක්ෂයේ මන්ති‍්‍ර සංඛ්‍යාව 05 දෙනෙක් වෙන අතර පාලක පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යව 04 දෙනෙක් වී ඇත.

අද ප්‍රාදේශීය සභාවට අය වැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මන්ත්‍රීන් දෙදෙනෙකු විපක්ෂයට එක්වූ නිසා අය වැය ඉදිරිපත් නොකෙරිණ.

පසුව අම්පාරට පැමිණ ආහාර සුරක්ෂිත තාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී දයාරත්න මහතා හමුවී මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණයට උදවි කරන බව පවසා තිබේ.

ඡායා රූ - වසන්ත චන්ද්‍රපාල