අස්වර් මන්ත්‍රී මන්ත්‍රීකම අතහරී!

අස්වර් මන්ත්‍රී මන්ත්‍රීකම අතහරී!

November 28, 2014   01:29 pm

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් අස්වර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත බාරදුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ අනූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව එකී පුරප්පාඩුව සඳහා සුදුසු අයෙකු පත් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා තමන් මැතිවරණ කොමසාරිස්වරයාට ඒ ගැන දැනුම්දුන් බවද ඒ මහතා පැවසීය.

මේ අතර ඒ.එච්.එම්.අස්වර් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අමීර් අලී මහතාට ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැමැත්ත පළ කර ඇති බව සඳහන්ය.

අදාළ මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස සන්ධානය විසින් තම පක්ෂයට ආරාධනා කර ඇති බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ලේකම් වයි.එල්.එම්.එස්.හමීඩ් මහතා පැවසුවේය.

එහෙත් අදාළ මන්ත්‍රී ධුරය බාරගන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව හෙතෙම කියා සිටියේය.