දළු ලොරියේ සේවකයා මැරුණ හැටි

දළු ලොරියේ සේවකයා මැරුණ හැටි

November 28, 2014   08:56 am

නෝටන්බ්‍රිජ්, විමලසුරේන්ද්‍රගම, ඔස්බොන් වතුයාය ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

තේ දළු ප්‍රවාහනය කරමින් තිබු අදාළ ට්‍රැක්ටරය ඊයේ පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ඇත.

අනතුරෙන් ට්‍රැක්ටර් රථයේ ටේලරයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කිරිමේ දී එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හැටන් ඔස්බොන් වත්ත ප්‍ර දේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.

ඡායා රූ - රංජිත් රාජපක්ෂ