මෙන්න පොලීසියෙන් කතාවක්

මෙන්න පොලීසියෙන් කතාවක්

November 28, 2014   08:12 am

2010 වසරේ සිදුවු පුද්ගල ඝාතනයක් වසන් කිරීමට මරණ පරීක්ෂණයේදී ව්‍යාජ සාක්ෂී ලබාදුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව ප්‍රදේශයේ සිදුවු අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු ව්‍යාජ සාක්ෂි ලබා දී ඇත්තේ ඔහු කැකිරාව පොලිසියේ සේවයේ නිරතව සිටියදීය.

කැකිරාව ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් දුම්රිය මාර්ගයක තිබී සොයාගැණූනු අතර ඒ පිළීබඳ පැවැත්වූ මරණ පරික්ෂණයේ දී ඔහු දුම්රියේ ගැටී මියගොස් ඇති බවට නිගමනය කර තිබුණි.

මියගිය පුද්ගලයාගේ මරණය සැක සහිත බවට මියගිය තැනැත්තාගේ සහෝදරයෙකු සිදුකළ පැමිණීල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර අතර එහිදී අනාවරණය වුයේ අදාළ මරණය තියුණු ආයුධයකින් හිසට පහරදීමක් හේතුවෙන් සිදුව ඇති බවයි.

සැකකාර පොලිස් නිලධාරියා දුම්රියේ රියදුරාගේ සාක්ෂි ලෙස ව්‍යාජ පුද්ගලයෙකුගේ නමක් යොදා සටහන් කරගෙන ඇති බව අනාවරණය වී තිබේ.