මාළු අල්ලන්නා පාලමෙන් ගඟට වැටී අතුරුදන්
November 27, 2014 10:02 pm
ගිංතොට පාලම උඩ සිට මාළු අල්ලමින් සිටි තරුණයෙකු ගඟට වැටී අතුරුදන්ව තිබේ.
අද සවස මෙය සිදුව ඇති අතර ගිං ගඟේ කෝච්චි පාලම උඩ සිට මාළු අල්ලමින් සිටියදී ඔහු ගඟට වැටී ඇති බව අප වාර්තාකරු පැවසීය.
මෙසේ අතුරුදන්ව ඇත්තේ රත්නපුර ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු ගිංතොට ඇඟළුම් කම්හලක රැකියාවක නිරතව සිටි බවද පැවසෙයි.