අපේ සහය ඕනෑ නම් මේවාට එකඟ වෙන්න

අපේ සහය ඕනෑ නම් මේවාට එකඟ වෙන්න

November 27, 2014   09:35 pm

විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇති අත්තනෝමතික බලතල ඉවත් කිරීම, යහපාලනය සඳහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සහ ජනතාවට වගකියන මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම යන තම පක්ෂයේ ප්‍රධාන යෝජනා ඉටුකිරීමට එකඟතාව පළකරන අපේක්‍ෂකයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන බව ජාතික හෙළ උරුමය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම්දීම සඳහා කොළඹදී අද (27) පස්වරුවේ පැවති රැස්වීමකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

එහි මහලේකම් පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ අදාළ යෝජනාවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි.

කෙසේ වෙතත් පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඊට සාධනීය ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය ලබානොදෙන බවයි.