හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය මෙවරත් අද දෙරණටයි

හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය මෙවරත් අද දෙරණටයි

November 27, 2014   09:23 pm

හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය අඛණ්ඩව තෙවන වතාවටත් හිමිකර ගැනීමට අද දෙරණ සමත් විය.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දැන් පැවැත්වෙන 19 වැනි සුමති ටෙලි සම්මාන උළලේදීය.

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සම්මාන උළෙල සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.

එහිදී පසුගිය වසරේ විකාශය වූ රූපවාහිනි වැඩසටහන් ආවරණය වන පරිදි සම්මාන 60 ක් පමණ පිරිනැමුණු අතර ටී.වි දෙරණ ඉන් සම්මාන රැසක් දිනාගැනිමට සමත්විය.

හොඳම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදකයින් තිදෙනා අතරට චතුර අල්විස් නම් කර තිබුණි.

මීට අමතරව හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන ලෙස පටීභා වැඩසටහන සම්මානයට ලක්වු අතර ටෙලි නාට්‍ය අංශයට අදාළව තවත් සම්මාන 05ක් ටී.වී දෙරණ හිමිකරගත්තේය.