රඹුක්කන එජාප ප්‍රා මන්ත්‍රීට ප්‍රහාරයක්

රඹුක්කන එජාප ප්‍රා මන්ත්‍රීට ප්‍රහාරයක්

November 27, 2014   06:18 pm

රඹුක්කන දුම්රියපළ ආසන්නයේ දී ඇති වූ ගැටුමකින් රඹුක්කන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී තුවාල ලැබු එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා රඹුක්කන රෝහලට ඇතුළත්කර ඇති අතර තමාට පුද්ගලයෙකු පහරදුන් බවට ඔහු රඹුක්කන පොලිසියට පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් අදාළ ගැටුමේ දී තුවාල ලැබු තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවේය.

මන්ත්‍රීවරයා තමාට පහරදුන් බවට අදාළ පුද්ගලයා විසින් ද රඹුක්කන පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.