සංවේදී අපේක්ෂකයාට අපේ සහය දෙනවා
November 27, 2014 03:24 pm
දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් වඩාත් සංවේදි වන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂයේ සහය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි.
ජනාධිපතිවරණයේ දී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජනතාව අවධානය යොමු කරන බව ඔහු පවසයි.
යුද්ධයෙන් අවතැන්වුවන් නැවත පදිංචි කිරීමේ කටයුතු, උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට විසදුම් ලබාදීම සහ දෙමළ ජනතාවට සිදුවන විවිධ බලපෑම් නවතා දැමීම යන කරුණු ඒ අතර වන බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පෙන්වාදෙයි.
මේ හේතුවෙන් ජනාධිපතිවරණයේ දී සහය පළ කරන අපේක්ෂකයා තෝරාගැනීමේ දී එම කරුණු පිළිබඳ අවධානය යොමු කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.