ශෂීන්ද්‍රගේ තවත් ආරක්ෂකයෙක් මරුට

ශෂීන්ද්‍රගේ තවත් ආරක්ෂකයෙක් මරුට

November 27, 2014   03:16 pm

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ආරක්ෂක නිල රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ.

පසුගිය 18 වනදා අළුයම බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවු අතර එහිදී ආරක්ෂක නිල රථයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලැබීය.

ඒ අතරින් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවු පොලිස් කොස්තාපල්වරයෙකි.