අපේ දුප්පතුන්ගේ ඒවා ලංකාව යළි දේවි!

අපේ දුප්පතුන්ගේ ඒවා ලංකාව යළි දේවි!

November 27, 2014   11:13 am

ශ්‍රී ලංකා බලධාරින් බාරයේ පවතින ඉන්දීය ධිවර යාත්‍රා කඩිනමින් නිදහස් කරගැනීමට හැකිවනු ඇති බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි පවසයි.

අදාළ යාත්‍රා වල හිමිකාරීත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඒවා නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරින් පියවර ගනු ඇති බව සුබ්‍රමනියන් ස්වාමි ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා බලධාරින් බාරයේ පවතින ධීවර යාත්‍රා සංඛ්‍යාව සහ ඒවායේ හිමිකරුවන්ගේ තොරතුරු තමා විසින් ශ්‍රී ලංකා ආරක්ෂක ප්‍රධානීන් වෙත ලබාදුන් බව ඔහු පවසා තිබේ.

එම යාත්‍රා වල හිමිකරුවන්ගෙන් බහුතරය ඉතා දිළිඳු පුද්ගලයින් බව තමා ශ්‍රී ලංකා බලධාරින්ට පෙන්වා දුන් බව සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කර ඇත.

තමා ලබාදුන් තොරතුරු වලට අනුව එම යාත්‍රා වල හිමිකාරිත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව අදාළ යාත්‍රා නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරින් පියවර ගනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.