පන්දුව ඔළුවේ වැදුණු පිල් හියුගස් රෝහලේදී මරුට

පන්දුව ඔළුවේ වැදුණු පිල් හියුගස් රෝහලේදී මරුට

November 27, 2014   10:35 am

පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩාය‍ෙම් දක්ෂ පිතිකරුවෙකු වූ පිලිප් හියුගස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

පසුගිය සඳුදා සිඩ්නි ක්‍රිඩාංගණයේ පැවති තරගයක් අතරතුර නිව් සවුත්වෙල්ස් පන්දු යවන්නෙකු වන සීන් ඇබට්ගේ පන්දුවක් හිසෙහි වැදීමෙන් පිල් හියුස් අනතුරට ලක්වුණි.

සිඩ්නි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති වග විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

25 හැවිරිදි පිල් හියුස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 26කට සහභාගී වී ලකුණු 1535ක් රැස්කරගෙන ඇති අතර එක්දින තරග 25කදී ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 826කි.