පැරැද්දුවත් පැරණි ක්‍රමය යටතේ ඒකත් සම්මතයි

පැරැද්දුවත් පැරණි ක්‍රමය යටතේ ඒකත් සම්මතයි

November 27, 2014   08:37 am

පැරණි මැතිවරණ ක්‍රමය යටතේ තෝරාපත් කරගත් පළාත් පාලන ආයතන වල අය වැය යළි පැරණි ක්‍රමයට සම්මතකර ගැනීම සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අයවැය දෙවන වරට පරාජය වුවද එය සම්මත වුවාසේ සලකා පළාත් පාලන ආයතන වල කටයුතු ඉදිරියට කරගෙන යාමට අවස්ථාව හිමිවනු ඇත.

2014 වසරේ ඔක්තෝබර් මස 23 වනදින සිට බලාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය සඳහන් කළේය.

2012 අංක 21 දරණ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව පළාත් පාලන ආයතනයක අයවැය දෙවරක් පරාජය වුවහොත් නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වුවාසේ සැලකීමට ප්‍රතිපාදන සළසා දී තිබුණි.

කෙසේ වෙතත් අදාළ සංශෝධනය උපයෝගී කර ගනිමින් සාධාරණ හේතු නොමැති අවස්ථා වලදී ද අයවැය පරාජය කිරීම් පසුගිය වසරේ වාර්තා වු බැවින් මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යංශය සඳහන් කළේය.