ජනපති පුටුවට වමෙනුත් අපේක්ෂකයෙක් දානවා
November 27, 2014 08:18 am
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.
වාමාංශික පක්ෂ අතර එළඹුණු ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත මෙම පොදු අපේක්ෂකයා ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කළේය.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීට නියමිතය.
මේ අතර බොදු බලසේනා සංවිධානය ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළකරන අපේක්ෂකයා පිළිබඳ අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව එම සංවිධානයේ ප්‍රකාශකයෙකු අද දෙරණට පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව ජාතික හෙළ උරුමය විසින් සකස් කරන ලද යෝජනාවලිය පිළිබඳව ජනතාව දැණුවත් කිරීමේ ජාතික හමුවක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කරමු, යහපාලනය සදහා ස්වාධීන කොමිෂන්සභා ස්ථාපිත කරමු, ජනතාවට වගකියන මැතිවරණ ක්‍රමයක් ඇති කරමු යන්න එම ජාතික හමුවේ තේමාය.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂය සහය පළකරන අපේක්ෂකයා පිළිබඳව අද දිනයේ ප්‍රකාශයට පත් නොකරන බව ජාතික හෙළ උරුමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදුකරන බවයි.
මේ අතර දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්ය.