නීති උල්ලංඝණය කළොත් බලාගෙනයි!

නීති උල්ලංඝණය කළොත් බලාගෙනයි!

November 27, 2014   07:03 am

ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා කියා සිටියේ නීතිපති උපදෙස් මත අදාළ නඩු ගොනු කිරීමට පියවර ගන්නා බවයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමය හා වෘත්තීය සමිති අතර පැවති සාකච්ජාවකින් අනතුරුව නීතීඥ උපුල් ජයසුරිය මහතා මෙම අදහස් පලකළේය.

මේ අතර එක්සත් ජනතා නිදහස් නීතීඥ සංවිධානය ද ඊයේ පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබූ අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබදව අදහස් පළකල එම සංවිධානයේ ලේකම් නීතීඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ දින 100 ක් තුළ කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් කළ නොහැකි බවයි.

එබැවින් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විසින් ගෙන යන ලබන බොරු ප්‍රචාර වලට නොරැවටෙන ලෙස හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.