මැ.කොගෙන් විශේෂ චක්‍රලේඛයක්

මැ.කොගෙන් විශේෂ චක්‍රලේඛයක්

November 27, 2014   06:54 am

රජයට සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල වලට අයත් දේපළ ජනාධිපතිවරණ කාලසීමාව තුළ අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සදහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියළුම අමාත්‍යංශ ලේකම්වරුන්, දිස්ත්‍රීක් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

රජය සතු මෝටර් රථ, කාර්යාල, ගොඩනැඟිලි මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම සම්පුර්ණයෙන් තහනම් බවද අදාළ චක්‍ර ලේඛය මගින් දැනුම් දී තිබේ.

ඊට අමතරව ජනාධිපතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සහ සේවකයින්, බඳවාගැනීම, උසස් කිරීම, මාරු කිරීම හා සීමා කිරීම සිදුනොකළ යුතු බව එම චක්‍රලේඛය මගින් දැනුම්දී ඇති බව වාර්තා වේ.

දේශපාලන අයිතිවාසිකම් රහිත සියළුම රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනමය කටයුතු වල නියැළීමට අවසර නොමැති බවද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.