පරාජයේ ඉඩෝරයට ජයග්රාහි වැස්සක්
November 26, 2014 11:41 pm
sri-lanka-crckeඉන්දියාව හමුවේ එක්දින තරඟ 5ක් අඛණ්ඩව පරාජයට පත්ව සිටි ශ්රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමග අද ආරම්භ වූ එක්දින තරඟාවලියේ පළමු තරඟය ලකුණු 25කින් ජය ගැනීමට සමත් විය.
මෙම තරඟයේ පළමුවෙන් ලකුණු රැස්කළ ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 317ක් ලබා ගත්තේය.
එහිදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 88ක්, කුසල් ජනිත් ලකුණු 59ක්, මහේල ජයවර්ධන ලකුණු 55ක් වශයෙන් වැඩිම ලකුණු ලාභීන් බවට පත්විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47.1කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 292කි.
එංගලන්ත ඉනිම වෙනුවෙන් මොයින් අලි විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් වේගවත් ලකුණු 119ක් ලබා ගත් අතර ඔහු ශ්රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්රහාරයකට ලක් කරන ලදී.
ඔහුගේ දැවීයාමෙන් පසු රවි බොපාරා අවසන් මොහොත දක්වා දැඩි සටනක නිරතවෙමින් ලකුණු 65ක් ලබාගත් නමුත් එය ජයග්රහණයට ප්රමාණවත් නොවීය.
පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 3ක් දවා ගැනීමට සමත්විණ.
මේ අනූව නිමාවට පත්වූ ඉන්දීය සංචාරයේදී දැඩි පසුබෑමකට ලක්ව සිටි ශ්රී ලංකා කණ්ඩායමට මෙම ජයග්රාහි ආරම්භය ඉදිරි තරඟ සඳහා යහපත් මානසිකත්වයකින් යුතුව මුහුණදීමට හේතුවනු ඇත.