ආනයනික සහල් හෙට සිට සතොසෙන් අඩුමිලට

ආනයනික සහල් හෙට සිට සතොසෙන් අඩුමිලට

November 26, 2014   05:38 pm

ආනයනික සම්බා කිලෝවක් රුපියල් 60ටත්, නාඩු කිලෝවක් රුපියල් 55කට හා සුදු කැකුළු කිලෝවක් රුපියල් 50ටත් හෙට සිට සතොස මගින් මිලදී ගත හැකි බව අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය කියයි.

මෑතක සිට වෙළඳපොළේ සහල් මිල ගණන් ඉහළ මට්ටමක පවතින අතර මේවන විට රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් අනූවකට ‍පමණ වෙළඳපොළේ විකිණෙයි.