පරීක්ෂණයට ඵලදායීව දායකත්වය දෙන්න
November 26, 2014 05:29 pm
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා ඵලදායීව දායකත්වය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා යළිත් වරක් ඉල්ලීමක් කර තිබේ.
මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යොමුකරන ලද ලිපියකට පිළිතුරු ලබාදෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් මෙම ඉල්ලීම සිදුකර ඇත.
අදාළ ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීමට තිබු කාලය අවසන්වී ඇති බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා රජය විසින් අදාළ ජාත්‍යන්තර පරීක්ෂණය විවේචනයට ලක් කළ ද එය සැමවිටම මධ්‍යස්ථ භාවයකින් යුක්තව සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කරන බව සෙයිඩ් රාඩ් අල් හුසේන් ප්‍රකාශ කර ඇත.