උතුරේ ජනතාවගේ රත්‍රං ආයෙත් බෙදනවා

උතුරේ ජනතාවගේ රත්‍රං ආයෙත් බෙදනවා

November 26, 2014   02:07 pm

යුද්ධය පැවති කාල සීමාව තුළ සොයා ගන්නා ලද උතුරු නැගෙනහිර ජනතාවගේ රත්‍රං තොගයක් එම ජනතාවට නැවත ලබා දෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා පවසයි.

2379ක පිරිසකගේ රත්‍රං තොගයක් මෙලෙස බෙදා දීම සිදු කරන බව අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කර සිටියේය.

ඒ අනුව මන්නාරම , වව්නියාව , යාපනය , කිළිනොච්චිය , මුලතිව් යන ප්‍රදේශවලට අයත් පිරිසකගේ රත්‍රං මෙලෙස බෙදා දෙන බව යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.

දෙසැම්බර් 4 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්නයෙන් අදාළ ජනතාවට ඔවුන්ට අයත් රත්‍රං ලබා දෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී කීවේය.