එස්.ටී.එෆ් කඳවුරේ වෙඩි තැබීමකින් නිලධාරියෙක් මරුට

එස්.ටී.එෆ් කඳවුරේ වෙඩි තැබීමකින් නිලධාරියෙක් මරුට

November 26, 2014   10:23 am

පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙණියාය, කොටපොළ කඳවුරේ සිදුවු වෙඩි තැබීමකින් එහි නිලධාරියෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී සිදුවු මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි එම කඳවුරේම රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ මුර කුටියක ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි තවත් කොස්තාපල්වරයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.