පූජා නගරයේදී වන අලි ප්‍රහාරයක් - 2ක් එතනමයි

පූජා නගරයේදී වන අලි ප්‍රහාරයක් - 2ක් එතනමයි

November 26, 2014   08:46 am

අනුරාධපුර පුජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්වී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ(25)  රාත්‍රීයේදී අදාළ වන අලි ප්‍රහාරය සිදු වී ඇති බව වාර්තා වෙයි.

වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වු පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු මේ වන විට අනුරාධපුර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

අදාළ වන අලියා මේ වන විට මල්වතු ඔය ප්‍රදේශයේ සැරිසරමින් සිටින බවත්, වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වන අලියා පළවා හැරීමේ කටයුතු වල නිරත වී සිටින බවත් වාර්තා වෙයි.