මුදුන්ගොඩ වෙඩි තැබීමක් - පුද්ගලයෙකුට බරපතළයි!

මුදුන්ගොඩ වෙඩි තැබීමක් - පුද්ගලයෙකුට බරපතළයි!

November 26, 2014   07:22 am

ගම්පහ, මුදුන්ගොඩ ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රීයේ කොල්ලකෑමක් සඳහා පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සදහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

වෙළඳසැලක හිමිකරුවෙකු එය වසා නිවසට පැමිණි අවස්ථාවේ දී කොල්ලකරුවන් ඔහු සතු මුදල් පැහැරගෙන යාමට උත්සාහ දරා ඇති බව සදහන්ය.

එහිදී ඔහු සහ ඔහුගේ බිරිඳගේ කෑගැසීමෙන් අසල්වැසියන් පැමිණ ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුකර කොල්ලකරුවන් පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

පහරදීමකින් තුවාල ලැබු තවත් පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

කොල්ලකරුවන් විසින් වෙළඳසැලේ හිමිකරු සතුව තිබු මුදල් සහ ඔහුගේ බිරිඳගේ රන් මාලය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.