මහනුවරත් එජාප කාර්යාලයකට වෙඩි

මහනුවරත් එජාප කාර්යාලයකට වෙඩි

November 25, 2014   05:13 pm

මහනුවර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලි‍මේන්තු මන්ත්‍රී අබ්දූල් හලීම් මහතාගේ හාරිස්පත්තුව, මාවිල්මඩ ප්‍රදේශයේ පිහිටි පක්ෂ කාර්යාලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් වෙඩි සලකුණු 3ක් එහි දක්නට ඇති බවත් කටුග‍ස්තොට පොලීසියට කළ පැමිණිල්ලක සඳහන් බව පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාලයක් සිදුව නැතත් සැකකටයුතු කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය පැවසීය.

අබ්දූල් හලීම් මහතා හාරිස්පත්තුවේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ද වේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරඟ කරන බව පැවසීමෙන් පසු බේරුවල ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිද්ධීන් වාර්තා විය.