ත්‍රිවිද හමුදා ශක්තිමත් කිරීමට සහයක්..!
March 21, 2017
ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදා තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය කොන්දේසි විරහිතව ලබාදෙන බව චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් චැංග් වන්ගුඅන් මහතා පැවසීය.ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ ( 20) පැවති විශේෂ සාකච්ඡාවේදී මහජන චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කලේ චීනයේ දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය සඳහා පුහුණු ඉඩප්රස්ථා, තාක්ෂණික දැනුම සහ යුද උපකරණ ඉදිරියේදීත් ලබාදෙන බවය.