මෛත්‍රි හෙට සිරිකොතට!

මෛත්‍රි හෙට සිරිකොතට!

November 25, 2014   04:25 pm

ජනාධිපතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර අවසන් තීන්දු තීරණ ගැනීම සඳහා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත මූලස්ථානයේදී හෙට (26) උදේ 10.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස නිල වශයෙන් නම් කෙරුණු මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොතට මෙලෙස පැමිණෙන පළමු වතාව මෙය වෙයි.

එහිදී ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා උණුසුම්ව පිළිගැනීමට කටයුතු යොදා තිබේ. මේ විශේෂ හමුව සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් ද දිස්ත්‍රික් කළමනාකරුවන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ද පක්‍ෂයේ සියලූම නිලධාරීන් ද කැඳවා ඇත.

ජනාධිපතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත අතර, සියලූ ආසන සංවිධායකවරුන්ට දිස්ත්‍රීක් කළමනාකරුවන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු සියලූ පාර්ශ්වයන්ට නිශ්චිත වගකීම් සහ ඉලක්ක ද පැවරෙනු ඇතැයි පැවසේ.